ආමි සම්පත් අත්අඩංගුවට

Saturday, 14 May 2016 - 15:32

%E0%B6%86%E0%B6%B8%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙලේ පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සම්පත් චාමර හෙවත් ආමි සම්පත් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය අද (14) අත්අඩංගුවට ගත්තා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.

එහිදී මොහු සතුව තිබී ගිනි අවි කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදීමට නියමිත බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සදහන් කළා.

පසුගියදා බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි දෙමටගොඩ චමින්ද නමැත්තාට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු තවත් අපරාධ ගණනාවකට ආමි සම්පත් සම්බන්ධ බවටයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories