ප්‍රවේශ පත්‍ර නොමැති දුම්රිය මගීන්ට එරෙහි නීතිය දැඩිවේ

Sunday, 15 May 2016 - 8:13

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A
ප්‍රවේශපත්‍ර රහිතව සහ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හෙට සිට දැඩි කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රවේශපත්‍ර ලබා නොගෙන දුම්රියේ ගමන් ගන්නා මගීන්ගෙන් මෙතෙක් අය කළ රුපියල් 1500 ක දඩ මුදල 3000 දක්වා වැඩි කිරීමටයි පසුගිය සතියේ රැස්වු අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ.

මේ අනුව හෙට සිට මෙම දඩ මුදල අය කර ගැනීමට කටයුතු කරන බව දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න සඳහන් කළා.

දුම්රිය මාර්ගයේ ගමන් කිරීම නිසා සිදුවන අනතුරු සංඛ්‍යාවද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

අනතුරු බොහොමයකට හේතුව ජංගම දුරකතනය භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම බවයි දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories