වෙහෙරගල ජලාශයේ වාන් දොරටු පෙරවරු 10ට විවෘත කෙරේ

Sunday, 15 May 2016 - 9:21

%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94+10%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පවතින වැසි කාලගුණය හේතුවෙන් ජල මට්ටම ඉහළ යාමත් සමඟ වෙහෙරගල ජලාශයේ වාන් දොරටු හයෙන් හතරක් අද පෙරවරු 10 ට විවෘත කරන බව තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසනවා.

ඒ අනුව තත්පරයට ඝන අඩි 1000 ක ජල ධාරිතාවක්  මැණික් ගඟට මුදාහැරෙන බවයි තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ නිසා මැණික් ගඟ භාවිත කරන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ඔහු තවදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories