නිල්වලා ගඟේ සැගවෙන්න ගිය මරණයක් CCTV දර්ශණවලින් එළියට

Sunday, 15 May 2016 - 11:00

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9C%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
මොරවක නිල්වලා ගගට වැටී මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේ කල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

බීමත්ව තවත් අයෙකු සමග යතුරුපැදියකින් පාලමක් මතින් ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා ගගට වැටී ඇත්තේ.

පසුගිය 12 වනදා රාත්‍රී මොරවක වැලිව ප්‍රදේශයේ සිට යතුරුපැදියකින් මෙම පුද්ගලයා පැමිණෙන ආකාරය අසල වෙළඳසැලක පිහිටි ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙනවා.

එම ස්ථානයේදී යතුරුපැදියෙන් ඇද වැටෙන මෙම පුද්ගලයා පසුව යතුරුපැදිකරු විසින් පැමිණ ඔසවාගෙන යන ආකාරයකුයි එම දර්ශණවල දැක්වෙන්නේ.

අතුරුදන්වු මෙම 38 හැවිරිදි පුද්ගලයා පිළිබඳ පවුලේ ඥාතීන් ඊයේ මොරවක පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව කල පරීක්ෂණවලදී ලැබුනු සී සී ටී වී දර්ශණවලට අනුව යතුරුපැදිකරුගෙන් කල ප්‍රශ්ණ කිරීම්වලදීයි අනෙක් පුද්ගලයා අතුරුදන්වු ආකාරය හෙළිවී ඇත්තේ.

පසුව කල විමර්ශණයේදී ඔහුගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳ මොරවක පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories