දිස්ත්‍රික් කිහිපයක නායයෑමේ අවදානමක්

Sunday, 15 May 2016 - 11:44

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතකට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඌව පළාතේ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අමතරව මෙලෙස නායයෑම් අවදානමක් නිකුත් කෙරුණේ නුවර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහායි.

දිවයිනට ආසන්න වායු ගෝලයේ ස්ථාපිත වී ඇති අඩුපීඩන කලාපය මඩකලපුව වෙරළාසන්නයේ ස්ථාන ගතව පැවතීම හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ නිසා මිලිමීටර 150 කට ආසන්න තද වැසි ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්‍ෂණිකව පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර ඉහළ යා හැකියි.   

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය - අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලේඞ්බෘක් වත්තේ නිවාස 14 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් පුද්ගලයින් 63 පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ වනවිට ඔවුන් එම වතුයායේම කෝවිලක රඳවා  තිබෙනවා.

මේ අතර  උඩවලව ජලාශයේ සහ දැදුරු ඔය ජලාශයේද වාන් දොරටු 5 බැගින් විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ වෙහෙරගල ජලාශයේ වාන් දොරටු හයෙන් වාන් දොරටු පහක් අඟල් 6 බැගින් අද උදෑසන විවෘත කෙරුණා.  

එම ජලය මැණික් ගඟට මුදා හැරෙන බැවින් එහි ජල මට්ටම ඉහළ යා හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරන සහ පුහුණු අංශයේ අධ්‍යක්‍ෂ එස්. මෝහනරාජා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories