පාප්වහන්සේගේ පහස ලැබූ ලෝහ ආවරණය කච්චතිව් දුපතට

Sunday, 15 May 2016 - 13:14

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B7%83+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%BD%E0%B7%9D%E0%B7%84+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7
කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථාන පරිශ්‍රයේ බැතිමතුන් සඳහා දැවැන්ත ආවරණයක් තැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රකාශ කළා.

ඒ සඳහා පසුගියදා මුල්ගල තැබුණු අතර, අදාළ ක්‍රියාවලියට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් විරෝධය පළ කර තිබුණා.

ඒ, කච්චතිව් දුපතේ පැරණි දේවස්ථානය ඉවත් කොට නව දේවස්ථානයක් තනන බවට චෝදනා කරමින්.

කෙසේ නමුත් නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කළේ 1901 වසරේ ඉදිකළ එම ඉපැරණි දේවස්ථානයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවයි.

බැතිමතුන් සඳහා ආවරණයක් ඉදි කරන ලෙස ඉල්ලීමක් කර ඇත්තේ ගරු බර්නාඩ් ඥාණප්‍රකාසම් යාපනය රදගුරුතුමන් විසින්.

ඒ අනුව නාවික හමුදාව මෙම ඉදිකිරීම සිදුකරන අතර, මූලික වශයෙන් ඉදිකිරීම් භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ නාවික හමුදා යාත්‍රා මගින්.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ කච්චතිව් දුපතේ මෙම ඉදිකිරීම සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේදී භාවිත කළ ලෝහමය ආවරණ යොදාගන්නා බවයි.

ශුද්ධවූ ජුසේවාස් පියතුමන් ශාන්තුවරයට ඔසවා තැබීම සඳහා ගාලූ මුවදොර පිටියේ පැවති දේව මෙහෙය සඳහා මෙම ලෝහ ආවරණය යොදා ගැනුනා.

එලෙස පාප්වහන්සේගේ පහස ලැබූ ආවරණය නාවික හමුදාව මගින් සුරැකිව තබාගෙන සිටි අතර එය මෙලෙස කච්චතිව් දුපතේ බැතිමතුන්ගේ ආවරණ ගොඩනැගීම සඳහා යොදා ගැනෙනවා.

මේ වසරේ කච්චතිව් දුපතේ රාත්‍රී මංගල්‍යය සඳහා ඉන්දීය බැතිමතුන් 4300 ක් සහ ශ්‍රී ලාංකික බැතිමතුන් 5000 කට අධික පිරිසක් සහභාගිවුණා.

දෙරටේම ධීවරයන්ට වතිකානුවට ගොස් පාප්වහන්සේ දැකගැනීමට නොහැකිවුවත් උන්වහන්සේගේ පහස ලැබූ ලෝහ ආවරණයේ සෙවන ලැබීමට නව  ඉදිකිරීම් මගින් හැකිවන බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories