ශ්‍රී ලංගම, ඩිපෝ ඉඩම් බදු දෙයි

Sunday, 15 May 2016 - 13:48

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%2C+%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%9D+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගේ අර්ථසාධක ගෙවීම් සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් ශ්‍රිී ලංගම සතු ඩිපෝ ඉඩම් බදුදීමේ වැඩපිළිවෙලක් සැළසුම් කර තිබෙනවා.

ඩිපෝ සංඛ්‍යාවද මේ අනුව අඩු කිරීමට තීරණය කර ඇති අතර, ඩිපෝ සතුව පවතින අතිරික්ත ඉඩම් දිගුකාලීන බදු ක්‍රමය යටතේ ලබාදීමට අදහස් කරන බවයි ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර කියා සිටියේ.

දැනට ශ්‍රී ලංගම ඩිපෝ 120 ක් පවතින අතර, ඒවා සතු ඉඩම් ප්‍රමාණය අක්කර දහස් ගණනක්.

ශ්‍රී ලංගම සේවකයන්ගේ සේවක අර්ථසාධක සහ සේවා නියුක්ති භාර අරමුදල් ගෙවීම සඳහා රුපියල් බිලියන 11 කට වැඩි හිඟයක් පවතිනවා.

ඒ සඳහා මෙම පියවර යෝජනා කර ඇති බවයි අමාත්‍යාංශ ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

36 000 ඉක්මවූ ශ්‍රී ලංගම සේවක සංඛ්‍යාව 24 000 දක්වා අඩු කිරීමට ස්වේච්ඡාවෙන් සේවකයන් විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයක්ද ඉදිරිපත්වී තිබෙනවා.

අදාළ වැඩපිළිවෙල යටතේ සේවකයන්ට ලබාදිය යුතු වන්දි මුදල පිළිබඳව කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories