වැඩිම වර්ෂාපතනය පොතුවිල්වලට

Sunday, 15 May 2016 - 16:00

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7
ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතන පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තාවනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සදහන් කළේ එය මිලිමීටර් 145.8ක් ලෙස සටහන්ව ඇති බවයි.

මීට අමතරව බස්නාහිර, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලින් ද ගිගුරුම් සහිත වැසි වාර්තා වනවා.

වර්ෂාවත් සමග පුත්තලම දිස්තිි‍්‍රක්කයේද සියලූම ජලාශවල ජලමට්ටම් ඉහළ ගොස් තිබෙනවා.

පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලම පරණ මන්නාරම මාර්ගය එලූවන්කුලම ප්‍රදේශයෙන් යටවී ඇති බවයි.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම දැදුරු ඔයේ ජලාශයේ ජලමට්ටම ද ඉහළ යාම නිසා වන් දොරටු 07 ක් විවෘත්ත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

පස්කදු කඩා වැටීම් සහ නාය යෑම් හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර ඊයේ රාත්‍රීයේ සිට ඇදහැලෙන වර්ෂාවත් සමග මස්කෙලිය ප්‍රදේශයේ වතුයායක පවුල් 18 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට නුවර එළිය ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories