මෙවර රණවිරු සැමරුමට සංස්කෘතික සංදර්ශනයක්

Tuesday, 17 May 2016 - 7:47

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දශක තුනක යුද්ධය නිම කළ රණවිරුවන් සිහි කරමින් මෙවර රණවිරු සැමරුම සංහිඳියාවේ පියසටහන් නමින් සංස්කෘතික සංදර්ශනයක් ලෙස එළි දැක්වීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 18 වනදා සවස 4 ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

අනතුරුව එදිනම රාත්‍රී 7.30 නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී සංස්කෘතික සංදර්ශනය පැවැත්වෙන්නේ ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායට අයත් සංස්කෘතික කණ්ඩායම්වල සහභාගීත්වයෙන්.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මෙම අදහස් පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories