කඩුවෙලින් අධිවේගී මාර්ගයට පිවිසීම සහ පිටවීම අත්හිටුවයි

Tuesday, 17 May 2016 - 9:41

%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොළඹ - අවිස්සාවේල්ල පරණ පාරේ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් කඩුවෙල පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීම සහ පිටවීම අත්හිටුවා තිබෙනවා.

අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ එස් ඕපනායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඊයේ දිනයේදී කඩුවෙල හුවමාරුවෙන් බියගම මාර්ගයට පිවිසීම සහ අධිවේගී මාර්ගයට ඇතුළුවීම නතර කළ බවයි.

කැළණි ගඟ පිටාර ගැලීම නිසා හංවැල්ල පොලිස් වසමේ වනහගොඩ, පහළ හංවැල්ල සහ ඇඹුල්ගම ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර කොළඹ - අවිස්සාවේල්ල පරණ පාර ද ජලයෙන් යට වුණා.

මේ අතර ඊයේ රාත්‍රියේ නායයාමක් සිදුවූ මහනුවර - කඩුගන්නාව - ඉලූක්වත්ත ප්‍රදේශයේ නිවාස 55ක පුද්ගලයින් ඉන් ඉවත් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ එම ප්‍රදේශයේ පවතින නාය යාමේ අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඊයේ රාත්‍රියේ මෙහි නාය යාමෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.

එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයින් 4 දෙනෙකු අතුරුදන් වූ අතර ඔවුන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories