ජංගම දුරථනයකට බිරිඳ සැමියාගේ ඇගිලි කපයි

Tuesday, 17 May 2016 - 14:24

%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
සිය සැමියාගේ අතක ඇගිලි වෙන්වන ලෙස කපා දැමු බිරිඳක් පිළිබඳ ඉන්දියාවේ බැංගලෝර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

තම ජංගම දුරකථනය සැමියා විසින් පරීක්ෂා කිරීමෙන් පසු කෝපයට පත්වු කාන්තාව මෙම අනතුර සිදුකර ඇති බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.

පසුගිය දිනක රාත්‍රී නිවසට පැමිණි සැමියාට බිරිඳ ආහාර සුදානම් නොකර ජංගම දුරකථනය භාවිත කරමින් සිටීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව තිබෙනවා.

අනතුරුවයි සැමියා විසින් බිරිිඳගේ දුරකථනය ගෙන පරීක්ෂා කර ඇත්තේ.

අනතුරුව දෙදෙනා අතර ඇතිවු ගැටුමකදී බිරිඳ සැමියාගේ ඇගිලි කපා දමා තිබෙනවා.  

මෙම සිද්ධියට අදාළව සැමියා සහ බිරිඳ එකිනෙකාට චෝදනා කරමින් පොලිසියේ පැමිණිලි ද ගොනුකර ඇතැයි සඳහන්.

ඒ සම්බන්ධයෙන් පොලිසිය මෙම කාන්තාවගේ සහ පුරුෂයාගේ දෙමව්පියන් ද පොලිසියට ගෙන්වා තිබෙනවා.

මෙය සිදුවී ඇත්තේ පසුගිය 4 වනදා වන අතර සිද්ධිය පිළිබඳ මාධ්‍යයට අනාවරණ වී ඇත්තේ පසුගිය සතියේදීයි.

ඒ බිරිඳගෙන් තමාට තර්ජන ඇති බවට සැමියා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories