උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා (ඡායාරූප)

Tuesday, 17 May 2016 - 15:08

%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉහළ කෝට්ටේ සහ බලන අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

මෙලෙස පීලිපැනීමට ලක්වූයේ අද පෙරවරුවේ කොළඹ කොටුවෙන් මාතලේ බලා ධාවනය වූ දුම්රියක මැදිරියක්.

එම නිසා කොළඹ - කොටුවෙන් අද පස්වරු 3.25 ට මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සහ පස්වරු තුනට නුවර සිට කොළඹ බලා පැමිණීමට තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ කොළඹ - කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලූම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා ගමන් ගන්නා අතර බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය කඩුගන්නාව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

මේ අතර දෙකිඳ සහ වටවල අතර ගසක් කඩා වැටීම හේතුවෙන් ඇණහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යළි යථා තත්වයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කලේ පැවති තද සුළගත් සමග පස්වරු 3 ට පමණ දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටී තිබු බවයි.

අනතුරුව දුම්රිය මාර්ග සේවකයන් විසින් එය කපා ඉවත් කර තිබෙනවා.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories