මුහුදේ සුළං වේගය වැඩිවීමේ අවදානම තවමත් - කඩුවෙල නගරයත් ජලයෙන් යටවේ

Tuesday, 17 May 2016 - 17:00

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A++-+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%9A
දිවයිනට බලපෑ අධික වැසි සහ සුළං තත්ත්වයට හේතුවූ අඩුපීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දිවයින අවට මුහුදේ සුළෙඟ් වේගය වැඩිවීමේ අවදානම තවදුරටත් එලෙසින්ම පවතිනවා.

එසේම පළාත් කිහිපයකට ඉදිරි පැය 24 තුළත් තද වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර කඩුගන්නාව - ඉලූක්වත්ත ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන්වූ හයදෙනා අතරින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ කාන්තාවකගේ සහ දරුවෙකුගේ සිරුරක් මෙලෙස සොයාගත් බවයි.

අතුරුදන්වූ අනෙක් සිව්දෙනා සොයා සිදුකරන මෙහෙයුම්වලට අයහපත් කාලගුණයෙන් දැඩි බාධා මතුව තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට කඩුවෙල නගරයද ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

බියගම - සියඹලාපේ මංසන්ධියේ සිට කඩුවෙල සහ කැළණිය දක්වා වූ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

මල්වාන ප්‍රදේශයේද මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories