ගංවතුර පාගන්න එපා

Tuesday, 17 May 2016 - 19:07

%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
ගතවූ දින තුනක කාලය තුළ අනපේක්ෂිත වර්ෂාපතනයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ලැබී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන සැළසීම සඳහා රුපියල් මිලියන 150 ක මුදලක් මුදාහැරීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවයි.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ආපදා තත්ත්වය සහ බෝවන රෝග පැතිරයාම අවම කරගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

කුඩා දරුවන් හැකිතාක් ගං වතුර නොපෑගෙන අයුරින් නිවෙස් තුළම රඳවාගෙන සිටින ලෙස ඉල්ලා සිටි ඔහු ජලය උණුකර නිවා පානය කරන ලෙසයි දැනුම්දුන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories