ජනපතිට ආපදා පැමිණිලි 1200 ක්

Thursday, 19 May 2016 - 7:37

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+1200+%E0%B6%9A%E0%B7%8A
වත්මන් ආපදා තත්ත්වය පිළිබඳව විමසා බැලීමට සහ ආපදාවට පත්වූවන්ට කඩිනමින් සහන සැළසීම පිළිබඳව සම්බන්ධීකරණය කිරීම සඳහා ඉහළ පෙලේ කමිටුවක් පත්කර තිබෙනවා.

ආපදා කළමනාකරන අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්. මියනවලගේ ප්‍රධානත්වයෙනුයි මෙම කමිටුව පත්කර ඇත්තේ.

ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (18)පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

එහිදී සහන සේවා කාර්යයන් වඩා වේගවත් කරලීම පිළිබඳවද ගතයුතු පියවර සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර, කිසිදු  රාජ්‍ය නිලධාරියෙකුගේ ක්‍ෂේත්‍ර පරීක්ෂාවකට ලක් නොවූ ආපදාවට පත්වූ ස්ථාන පිළිබඳව ජනපතිට කියන්න වැඩසටහනට පැමිණිලි 1200 ක් ලැබී තිබෙනවා.

 ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ 1919 දුරකථන අංකය ඔස්සේ මෙම පැමිණිලි ලැබී ඇති බවයි.

එලෙස ලැබී ඇති සියලූම පැමිණිලි පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගේ ඍජු උපදෙස් මත අදාළ අංශ දැනුවත් කරමින් සහන සැළසීමට කටයුතු කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories