කාලගුණය යළිත් වෙනස් වෙයි - සුළි කුණාටුවක්

Thursday, 19 May 2016 - 15:02

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වී කන්කසන්තුරෙයි ප්‍රදේශයට කිලෝමීටර් 600 ක් දුරින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය දිවයිනෙන් තවදුරටත් ඈතට ගමන් කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි තවදුරටත් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් නායයෑමේ අවදානම පවතින ප්‍රදේශ නම් කර තිබෙනවා.

ඒ අනුව මහනුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට නායයෑමේ අවදානම තවදුරටත් පවතින බවයි එහි සඳහන් වන්නේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories