ගංවතුර පවතින ප්‍රදේශ ගුවන් හමුදාපතිගේ නිරීක්ෂණයට

Friday, 20 May 2016 - 11:10

%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආහාර ලබාදීමට සහ මුදා ගැනීමේ කටයුතු සදහා මේ වනවිට ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයක් යොදවා තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් චන්දිම අල්විස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ ගුවන් යානය මේ වනවිට බියගම ප්‍රදේශයේ සහන කටයුතුවල නිරත බවයි.

මීට අමතරව, මේ වනවිට බෙල් 412 ගුවන් යානයකින් ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල ගංවතුර පවතින ප්‍රදේශවල ගුවනින් නිරීක්ෂණ චාරිකාවක ද යෙදෙන බව ඔහු සදහන් කළා.

මීට අමතරව, නවගමුව ප්‍රදේශයේ ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායමක් ද ප්‍රතිකාර කටයුතු සදහා ස්ථාපිත කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories