අනුරාධපුර - නුවරවැවේ ඉවුරු ඛාදන අවදානමක් (ඡායාරූප)

Friday, 20 May 2016 - 14:00

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9B%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මේ වනවිට පිටාර මට්ටමේ පවතින අනුරාධපුර - නුවරවැවේ වැව් බැම්මේ කොටසක ඉවුරු ඛාදනය වීමේ අවදානමක් ඇති වූ නිසා එම කොටස වැලි ගෝනි අසුරා වැව් බැම්ම ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ඉවුරු ඛාදන අවදානම ඇති වී තිබෙන්නේ නුවර වැවේ ප්‍රධාන සොරොව්වට නුදුරින් වැවේ ගැඹුරුම ප්‍රදේශයේ වැව් බැම්මේ මීටර් 50 ක් පමණ වන කොටසකයි.

වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා සිදුකරමින් පැවති අතර, වර්ෂාව නිසා එම කටයුතු නිමා කිරීමට නොහැකි වූ බවයි අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍ර‍්‍රසන්න ද සිල්වා ප්‍රකාශ කළේ.

මේ වනවිට අනුරාධපුර - නුවරවැවේ හදිසි වාන්දොරටු හතරම විවෘත කර ඇති අතර තත්ත්පරයට ඝන අඩි 1300 ක ජල ප්‍රමාණයක් එමගින් නිකුත් කෙරෙනවා.



ඡායාරූප - අනුරාධපුර අතුල බණ්ඩාර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories