පැහැර ගැනීමට ලක්වු පාසැල් සිසුවියක් හමුවෙයි

Friday, 20 May 2016 - 15:06

%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පැහැර ගැනීමට ලක්වු නයිජීරියානු පාසැල් සිසුවියන්ගෙන් තවත් අයෙකු බේරා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා.

ඒ අනුව පැහැර ගැනීමට ලක්වු සිසුවියන් 200 කට වැඩි පිරිස අතරින් බේරා ගැනුනු දෙවැන්නා බවට ඇය පත්වනු ඇති.

කෙසේවෙතත් පැහැර ගැනීමට ලක්වු සිසුවියන්ගේ දෙමාපිය එකමුතුවේ ප්‍රකාශකයකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශකර ඇත්තේ මෙම තරුණියගේ නම පැහැර ගැනීමට ලක්වුවන්ගේ ලැයිස්තුවේ නොමැති බවයි.

බෝකෝ හරාම් කැරළිකරුවන් භාරයේ සිටියදී නයිජීරියානු ආරක්ෂක හමුදා විසින් බේරාගත් 90 කට වැඩි පිරිස අතර සිටියදී මෙම සිසුවිය හඳුනාගෙන තිබෙනවා.

2014 වසරේ අප්‍රේල් මාසයේදීයි පාසැල් නේවාසිකාගාරයේ සිටියදී සිසුවියන් 218 දෙනෙකු පැහැර ගැනීමට ලක්ව තිබුනේ.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වසර කිහිපය තුල කැරළිකරුවන් විසින් තරුණියන් විශාල පිරිසක් පැහැරගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories