විපතට පත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව 25 වනදා රැස්වේ

Sunday, 22 May 2016 - 8:10

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+25+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ආපදාවලින් විපතට පත් ජනතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් මැයි 25 වනදා පැවැත්වෙනවා.

ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළේ මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින්.

ඒ අනුව අදාළ රැස්වීම් වාරය පැවැත්වීම සඳහා කටයුතු කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද සඳහන් කළා.

පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව අදාළ රැස්වීම මැයි 25 වනදා පස්වරු එකේ සිට පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.

පාර්ලිමේන්තුව පසුගිය සිකුරාදා රැස්වූ අතර, එය කල් තබනු ලැබුවේ ජූනි 7 වනදා වනතුරුයි.

කෙසේ නමුත් රටට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ සැසිවාරය මැයි 25 වනදා පැවැත්වෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories