දුරකථනයෙන් හඳුනාගත් දැරියට කල අපරාධය

Sunday, 22 May 2016 - 10:52

%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA
වව්නියාව ආරච්චිපුරම් ප්‍රදේශයේ අවුරුදු 14 ක දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කල පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු දුරකථනය මාර්ගයෙන් දැරිය රවටා රැගෙන ගොස් මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට පත් සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන්.

පොලිස් උපාය දුතයකු යොදවා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේදීයි.

මෙම සිද්ධිය පිළිබඳ වව්නියාව පොලිසියේ නොවිසඳුනු අපරාධ අංශය විමර්ශණ මෙහෙයවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories