ආපදා මරණ 82 දක්වා ඉහළට - දෙලක්ෂ හතළිස් තුන්දහසක් තවමත් අවතැන්

Sunday, 22 May 2016 - 12:51

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+82+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%84%E0%B6%AD%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A
අයහපත් කාලගුණයත් සමග බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 82 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයන් තුන්ලක්ෂ 48476 ක් දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

එමෙන්ම දෙලක්ෂ 42 927 ක් ආරක්ෂිත ස්ථානවල රදවා සිටිනවා.

තවමත් අතුරුදන් වී සිටින සංඛ්‍යාව 118ක්.  

එමෙන්ම අරණායක - සාමසර කන්ද නායයාමෙන් අතුරුදන්ව සිටින පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් අද 6 වන දිනටත් ආරම්භ වුණා.

මියගිය තුන්දෙනෙකුගේ ශරීර කොටස් අද උදෑසන සොයා ගෙන තිබෙනවා.  

මේ අතර නායයාමේ අවදානමක් පවතින බවට මතුවූ සැකය හේතුවෙන් රණාල - දැඩිගමුව කඳු ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන පවුල් 13 ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.  

මේ අතර පැල්මඩුල්ල- කහවත්ත - පොරෝනුව වත්ත ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පැවතීම හේතුවෙන් පවුල් 35 ක් ඉවත්කර තිබෙනවා.

එමෙන්ම හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල - බුරුමැටිය ප්‍රදේශයේ මාර්ගය ගිලාබැසීම නිසා ඒ අවට පදිංචි පවුල් විස්සක්ද ඉවත් කර ඇති බව ආපදා කළමනාකරන අංශ ප්‍රකාශ කළා.

ඇහැලියගොඩ - ගැටහැත්ත ප්‍රදේශයේ නායයාමේ අවදානම හේතුවෙන් තවත් පවුල් 55 ක් ඉවත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර සඳහන් කළේ.

ආපදා හේතුවෙන් විනාශ වී ගිය විභාග සහතික කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව සහතික නිකුත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක එක්දින සේවයට අමතරව ආපදාවට ලක්වූවන් ජීවත්වන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සම්බන්ධීකරණය කරමින් අදාළ සහතික පත් අපේක්ෂකයින් අතටම ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories