සබරගමුව පළාතේ පාසල් 40ක් දින නියමයක් නොමැතිව වසයි

Sunday, 22 May 2016 - 14:54

%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+40%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
සබරගමුව පළාතේ පාසල් 40ක් දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් පවසනවා.

දැනට අවතැන් වී සිටින ජනතාව පාසල්වල සහ විහාරස්ථානවල රැඳී සිටින බැවින් මෙම තීරණය ගත් බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක දෙකෙහි පාසල් 32ක් අවතැන් කදවුරු ලෙස ක්‍රියාත්මකයි.

එමෙන්ම පාසල් 19ක් අනතුරුදායක බවට ද හඳුනාගෙන ඇති බවයි ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේ. අවතැන් වී සිටින ජනතාව යළි නිවෙස් කරා යන තුරු අදාළ පාසල් වසා දැමීමට සිදුවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ගංවතුරට යටවී ඇති සහ ආපදාවට ලක්වූවන් රදවා සිටින කොළොන්නාව සහ කඩුවෙල ප්‍රදේශවල පාසල් පමණක් හෙට සහ අනිද්දා යන දිනවල වසා තැබෙන බව බස්නාහිර පළාත් මහඇමති ඉසුර දේවප්‍රිය සදහන් කළා.

මේ අතර පවතින ගංවතුර තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල්වලට හෙට සහ අනිද්දා නිවාඩු ලබා දී තිබෙනවා.

ඊට අමතරව කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ පහත සඳහන් පාසල්වලට ද හෙට සහ අනිද්දා නිවාඩු ලබාදී තිබෙනවා.

ශාන්ත මරියා විද්‍යාලය

මුනිදාස කුමාරතුංග මහා විද්‍යාලය

ඉහළ බෝමිරිය ප්‍රාථමික විද්‍යාලය

කොළඹ අධ්‍යාපන කලාපය

මට්ටක්කුලිය ශාන්ත ජෝන් විද්‍යාලය

තොටලග සංඝ බෝධි විද්‍යාලය

අල් හිජ්රා මුස්ලිම් විද්‍යාලය

මාලිගාවත්ත දාරුස්සලාම් මුස්ලිම් විද්‍යාලය

කැලණිය අධ්‍යාපන කොට්ඨාසය

මල්වාන මහා විද්‍යාලය

හෝමාගම අධ්‍යාපන කලාපය

මායාදුන්න මහා විද්‍යාලය

පහළ හංවැල්ල කනිෂ්ඨ විද්‍යාලය

පහත්ගම රෝමානු කතෝලික විද්‍යාලය

තුන්නාන සුමනජෝති විද්‍යාලය

ආටිගල කනිෂ්ඨ විද්‍යාලය

ජල්තර කනිෂ්ඨ විද්‍යාලය

මුල්ලේගම කනිෂ්ඨ විද්‍යාලය

බටවල කනිෂ්ඨ විද්‍යාලය

පානලුව කනිෂ්ඨ විද්‍යාලය

නිවාඩු ලබාදුන් පාසල්වල විදුහල්පතිවරුන්ට සහ ආචාර්ය මණ්ඩලයට ආපදා තත්ත්වයෙන් හානියක් සිදුවී නොමැති නම් අදාළ පාසල්වලට වාර්තා කරන ලෙසයි දැනුම් දී ඇත්තේ. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories