අරණායකින් අදත් සිරුරු 8 ක් සොයා ගැනේ

Sunday, 22 May 2016 - 15:53

%E0%B6%85%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
අරණායක - සාමසරකන්ද නාය යාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් 8 දෙනෙකුගේ සිරුරු අද උදෑසන සිට සිදුකරන ලද මෙහෙයුම්වලින් සොයාගෙන තිබෙනවා.

මේ අතර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ ශරීරයක කොටසක් ද සොයා ගැනීමට හැකි වී ඇති බව සඳහන්. අද උදෑසන ආරම්භ කළ මෙහෙයුම්වලට ද වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ජල ගැල්මෙන් අවතැන් වී සිටින වැල්ලම්පිටිය මීතොටමුල්ල සහ කොලොන්නාව යන ප්‍රදේශවල ජනතාව පිළිබඳව සොයා බැලීම සඳහා අද දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි ගොස් තිබෙනවා.

එහිදී අවතැන් මධ්‍යස්ථානවල රදවා සිටින ජනතාව හමුවට ගිය ජනාධිපතිවරයා, ඔවුන්ගේ සැප දුක් විමසීම සිදුකළ බවයි වාර්තා වන්නේ.

අඩුපාඩු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන් පසුව ඊට කඩිනම් විසදුම් ලබාදීමට ද රාජ්‍ය නිලධාරීන් හට අවශ්‍ය උපදෙස් ජනාධිපතිවරයා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේ.  

මේ අතර, විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙරටට ආනයනය කරන තෝරා ගත් අත්‍යවශ්‍ය භාණ්ඩ 34ක රේගු බද්ද නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජුනි මස 30 වන දා දක්වා මෙම පහසුකම හිමි වනු ඇති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නියෝජිත ආයතන, තානාපති කාර්යාල සහ රාජ්‍ය නොවන සංවිධාන මේ වන විට ආපදා තත්ත්වයන්ට මුහුණ දී ඇති ජනතාවට සහන සැලසීමේ අරමුණින් විශාල භාණ්ඩ ප්‍රමාණයක් එවා තිබෙනවා.

ඒ අනුවයි මුදල් අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ. ඖෂධ සහ වෛද්‍ය උපකරණ හැර අනෙක් සියලූම ද්‍රව්‍ය නිදහස් කර ගැනීම සිදුකළ යුත්තේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories