ආපදා බලපෑම් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

Monday, 23 May 2016 - 7:16

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ආපදා තත්වයන්ට මුහුණ දුන් ඇතැම් පුද්ගලයින්ට එතුළින් දීර්ඝ කාලීන බලපෑම් එල්ල විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා.

ඊට අදාල ලක්ෂණද විවිධ අවස්ථා වල ඔවුන්ගෙන් පෙන්නුම් කෙරෙන බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්  සඳහන් කලේ

ආපදාවකදී නැතිවීම් නිසා ඇතිවන මානසික භය ක්‍රමයෙන් දිගටම පැවතිය හැකි බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

නින්ද නොයාම - කේන්තිය- අනෙක් අයගෙන් වෙන්වි සිටීමට උත්සාහ කිරීම- නිතර ඇතිවන භය ආදී මානසික ගැටලුවලින් පෙළෙන බවයි මනෝ වෛද්‍යවරයාගේ මතය වන්නේ.   

මෙවැනි තත්වයන්ට මුහුණ දුන් දරුවන් යළි කඩිනමින් පාසල් අධ්‍යාපනයට යොමු කිරීම සහ ඔවුන්ට සවන්දීමද වැදගත් බව වෛද්‍යවරයා ප්‍රකාශ කලා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories