හිරු උත්තම ධාතු වන්දනාවට දෙවන දිනටත්,ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් - මුතියංගන විහාරස්ථානය වටා දිගු පෝලිමක්

Monday, 23 May 2016 - 7:26

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%2C%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%A7%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අසිරිමත් සම්බුදු තෙමඟුල සමරමින් ආසියානු මාධ්‍ය ජාලයේ හිරු ටී.වී., හිරු එෆ් එම් සිව්වන වරටත් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහනේ දෙවන දිනය අදයි.

වස්කඩුව - ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තිබූ  කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඓතිහාසික බදුල්ල - මුතියංගන පුදබිමට මේ වනවිටත් පැමිණෙමින් සිටිනවා.

වෙසක් පොහෝ දා පෙහෙවස් සමාදන් වූ උවැසි, උවැසියන් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පෙරේදා රාත්‍රියේ සිට මුතිංයගන පුදබිමේ රැදී සිටියේ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ දැඩි අපේක්ෂාවෙන්.

හිරු ටී.වී. හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම සඳහා වැඩම කරවනු ලැබුවේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධු නද මධ්‍යයේයි.

අනතුරුව සුවඳ මල් පුදා උදෑසන බුද්ධ පූජාව ද, අෂ්ඨ පරිශ්කාර පූජාව ද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් සිදුකළ අතර, පසුව ඊට අදාළ ආගමික වතාවත් සිදුකෙරුණා.

එහිදී මහා සංඝරත්නය මෙම උතුම් සත් ක්‍රියාව වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන්ට සහ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කළා.

මෙම අවස්ථාව, මුතියංගන පුදබිමට යළි සම්බුදු හිමියන් වැඩම කළ අවස්ථාවට සමාන බවයි වස්කඩුව ශ්‍රී සුභූති විහාරාධිපති වස්කඩුවේ මහින්දවංශ හිමිපාණන් සඳහන් කළේ.

මහා සංඝරත්නයේ අනුශාසනාවලින් අනතුරුව දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමතුන්ට කපිලවස්තුපුර නිසැක උතුම් සර්වඥධාතූන් වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමිවුණා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා මුතියංගන රජමහා විහාරයට හඳුන් කූරු රඳවන ද්විත්වයක් ද මෙහිදී පූජා කළ අතර, පැමිණි බැතිමතුන්ට ඊයේ දිනයේදී උදෑසන ආහාරය ද ඔහුගේ සුරතින් පිරිනැමීම ද සිදුවුණා.

කපිලවස්තුපුර නිසාක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් අද දහවල් බුද්ධ පූජාව පැවැත්වුණේ මුතියංගන පුදබිම පැමිණි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගෙන් නැගුණු සාධු නාදය මධ්‍යයේයි.

සර්වඥධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් බදුලු - මුතියංගන රජමහා විහාරයට පැමිණීම විශේෂත්වයක්.

මේ වන විටත් පූජා භූමියේ සිට කිලෝමීටර් ගණනාවක් දුරට සැදැහැවතුන් පෙළ ගැසී සිටිනවා.

හිරු ටී.වී., හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනාව ඓතිහාසික බදුලු - මුතියංගන පූජා භූමියේදී හෙට අලුයම දක්වා පැවැත්වෙනවා.

ඉන් අනතුරුව නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ගම්පොළ - ශාලියාල විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිත අතර, ගමන් මඟ අතරතුර නුවරඑළිය බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේදී සහ පුස්සැල්ලාව - මන්තින්දාරාම විහාරස්ථානයේදී ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙනවා.

හෙට පස්වරු 6ට පමණ ගම්පොළ - ශාලියාල විහාරස්ථානය වෙත වැඩම කරන ධාතූන් වහන්සේ පසුදා පහන් වන තුරු එහි තැන්පත් කිරීමට නියමිතයි.




Update : Monday, May 23, 2016 19.00
---------------------------------------------------

අසිරිමත් සම්බුදු තෙමගුල සමරමින් ආසියානු මාධ්‍ය ජාලයේ හිරු TV, හිරු FM සිව්වන වරටත් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහනේ දෙවන දිනය අදයි.

වස්කඩුව - ශ්‍රී සුභූති විහාරය සතු කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඓතිහාසික බදුල්ල - මුතියංගන පුදබිමට මේ වනවිටත් පැමිණෙමින් සිටිනවා.

වෙසක් පොහෝ දා පෙහෙවස් සමාදන් වූ උවැසි උවැසියන් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පෙරේදා රාත්‍රියේ සිට මුතිංයගන පුදබිමේ රැදී සිටියේ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ දැඩි අපේක්ෂාවෙන්.

හිරුTV  හිරු FM  ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම සඳහා වැඩම කරවනු ලැබුවේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධු නද මධ්‍යයේයි.

අනතුරුව සුවද මල් පුදා උදෑසන බුද්ධ පූජාව ද, අෂ්ඨ පරිශ්කාර පූජාව ද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් සිදුකළ අතර පසුව ඊට අදාළ ආගමික වතාවත් සිදුකෙරුණා.

එහිදී මහා සංඝරත්නය මෙම උතුම් සත් ක්‍රියාව වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන්ට සහ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කළා.  

මෙම අවස්ථාව මුතියංගන පුදබිමට යළි සම්බුදු හිමියන් වැඩම කළ අවස්ථාවට සමාන බවයි වස්කඩුව ශ්‍රී සුභූති විහාරාධිපති වස්කඩුවේ මහින්දවංශ හිමිපාණන් සදහන් කළේ.

මහා සංඝරත්නයේ අනුශාසනාවලින් අනතුරුව දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමතුන්ට කපිලවස්තුපුර නිසැක උතුම් සර්වඥධාතූන් වැද පුදා ගැනීමට අවස්ථාව හිමිවුණා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා මුතියංගන රජමහා විහාරයට හඳුන් කූරු රඳවන ද්විත්වයක් ද මෙහිදී පූජා කළ අතර පැමිණි බැතිමතුන්ට උදෑසන ආහාරය ද ඔහුගේ සුරතින් පිරිනැමීම විශේෂත්වයක්.

එය මෙම පිංකම තවත් මහානිසංස ගෙන දෙන අවස්ථාවක් බවට පත්කළ බවයි වස්කඩුව ශ්‍රී සුභූති විහාරාධිපති වස්කඩුවේ මහින්දවංශ හිමිපාණන් සහ මුතියංගන රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය මුරුන්දෙණියේ ධම්මරතන හිමියන් සදහන් කළේ.

සර්වඥධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් බදුලූ - මුතියංගන රජමහා විහාරයට පැමිණීම විශේෂත්වයක්.

මේ වන විටත් පූජා භූමියේ සිට කිලෝමීටර් ගණනාවක් දුරට සැදැහැවතුන් පෙළ ගැසී සිටිනවා.





 
 











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories