මහවැසි මැද සොරකමේ ගිය 15දෙනා අධිකරණයට

Monday, 23 May 2016 - 8:08

%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+15%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ජල ගැලීම් හේතුවෙන් අතහැර දමා ගිය නිවෙස් තුළ ඇති භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 දෙනෙකු අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිතයි.

කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන්  කළේ වැල්ලම්පිටිය ග්‍රෑන්ඞ්පාස් සහ පෑලියගොඩ යන ප්‍රදේශවල නිවෙස්වලට ඇතුලූවී මොවුන් භාණ්ඩ සොරකම් කර ඇති බවටයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිපිරිසක් මත්කුඩු භාවිතයට හුරුවූවන් බවට අනාවරණ වී තිබෙනවා.

මේ අතර දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් නිවාස 506 ක් විනාශ වී ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

නිවාස 4000 කට වැඩි සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් නිවාස 158 කට හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories