නාමල් FCIDයට

Monday, 23 May 2016 - 10:11

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+FCID%E0%B6%BA%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ දෙහිවල - මිහිදු මාවතේ පිහිටි ඉඩමක නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමටයි.

අදාළ නිවස ඉදිකිරීමට කම්කරුවන් යෙදවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාට චෝදනා එල්ල  වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිටත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පසුගිය 10 වනදා FCIDය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබුණත් ඔහු ඊට සහභාගි නොවූයේ එදිනම වෙනත් සිද්ධියකට බරපතල වංචා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබීම හේතුවෙන්.

දෙහිවල - මිහිඳු මාවතේ පිහිටි නිවස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් පිරිසක් පරීක්ෂාවට ලක් කළේ පසුගිය මාර්තු මාසයේ 15 වැනිදායි.

මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ගල්කිස්ස අධිකරණයේ නඩුවක්ද ගොනුකර ඇති අතර පසුගිය සිකුරාදා එය විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට නොතීසි නිකුත් කළේ මේ මස 26 වනදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories