ශාන්තිකර්මය මුලාවෙන් එකම පවුලේ දැරියන් දෙදෙනෙකු පිදේන්නට ගත් යකදුරා

Monday, 23 May 2016 - 12:07

%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F
ශාන්තිකර්මයක් සිදුකරන මුවාවෙන්  16හැවිරිදි දැරියක් හා 10 හැවිරිදි දැරියක්  දූෂණය කළ පුද්ගලයකු හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හසලක වේරගන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පසුගිය 15 වනදා  සිය දියණියන් දෙදෙනා සමඟ  අදාළ සැකකරුගේ  හමුවිමට ගොස් ඇත්තේ   දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා ශාන්තිකර්මයක් සිදුකර ගැනීමටයි.

එහිදී දැරියන් දෙදෙනාට අපල ඇති බැවින් ප්‍රබල ශාන්තිකර්මයක් සිදුකිරීම සඳහා අවශ්‍ය කළමනා රැගෙන එන ලෙස සැකකරු දැරියන්ගේ පියාට දන්වා තිබෙනවා.  

එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් ඇතුළු ක්‍ෂණිකව සොයාගත නොහැකි භාණ්ඩ රැසක ලැයිස්තුවක් රැගෙන ඒම සඳහා පියා කාර්යාලයෙන් පිටතට යවා ඇතැයි සදහන්.

අනතුරුව  වරින් වර දැරියන් දෙදෙනා සැකකරු විසින් දුෂණය කර ඇත්තේ බියගන්වමිනුයි.   

ශාන්තිකර්මය සිදු කිරීමනේ අනතුරුව දැරියන් දෙමාපියන්ට කරන ලද ප්‍රකාශය අනුවයි පොලිසීයට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත්තේ.

ඒ අනුව 40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු බවයි අනාවරණ වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories