ආපදාවට ලක්වූවන් නැවත පදිංචි කිරීම සුදුසු ස්ථානවල පමණයි

Tuesday, 24 May 2016 - 7:39

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
නාය යාමට ලක්වූ සියලූ ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම නැවත පදිංචියට නුසුදුසු බවට රජය නිර්දේශ කරන අනවසර ඉඩම්වල යළි පදිංචිවීමට කිසිදු අවසරයක් ලබා නොදීමට ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කළා.

පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය ඊයේ පස්වරුවේ රැස්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විෂය භාර අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියා.

ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ එක් නිවසක් වෙනුවෙන් ක්ෂණික ආධාරයක් ලෙස රුපියල් 10000ක දීමනාවක් ලබාදීමට ද මෙහිදී තීරණය කෙරුණා.

එමෙන්ම ගං වතුර තත්ත්වය පහව ගිය පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, බස්නාහිර පළාත තුළ කිසිදු ඉඩමක් ගොඩකිරීමට ඉඩ නොදෙන ලෙසටද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories