සිරියාව ප්‍රහාරවල වගකීම විදේශ බලවේගවලට පවරයි

Tuesday, 24 May 2016 - 7:56

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සිරියාවේ මධ්‍යධරණී මුහුද ආශ්‍රිත ටාටෝස් සහ ජබ්ලේ නගරවලට ඊයේ එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් සිරියානු රජය තුර්කිය කටාරය සහ සෞදි අරාබියට චෝදනා එල්ල කළා.

මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 78 දෙනෙකු මිය ගිය බව සිරියානු රාජ්‍ය මාධ්‍ය සදහන් කළ ද ස්වාධීන නිරීක්ෂකයන් ප්‍රකාශ කළේ මිය ගිය සංඛ්‍යාව 145 ඉක්ම වන බවයි.

IS  සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.

කෙසේ නමුත් ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බලකොටුවක් ලෙස සැලකෙන මෙම ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරවලට හේතු වූයේ සෞදි අරාබිය තුර්කිය සහ කටාරය තම රට තුළ අන්තවාදීන් ශක්තිමත් කිරීම නිසා බව සිරියානු මාධ්‍ය සදහන් කළා.

ඔවුන් මෙම කැරළි කණ්ඩායම්වලට අවි ලබාදෙන බවටයි සිරියාව චෝදනා කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories