පොලිස්පති වැඩ අරඹයි - සංඛගේ ගෝලයින් දෙදෙනෙකු ලක්ෂ 50ක මත්කුඩු සමඟ දැලේ

Tuesday, 24 May 2016 - 13:06

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
දැනට ත්‍රස්ත විමර්ශන භාරයේ සිටින සංඛ ශිරන්ත හෙවත් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා මත්කුඩු තොගයක් ද සොයාගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ. 

පසුගිය ජනවාරි මාසයේදී බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ ඥාතියෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඔහු ලබාදුන් තොරතුරු වලට අනුව මෙම පුද්ගලයන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

මෙම සැකකරුවන් අතර බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ ප්‍රධාන පෙළේ ආධාරකරුවෙකු සිටින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළා. 

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඉන්දියාව සමඟ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි.

අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා පසුගියදා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාර වුණා. 

ඒ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්. 

බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ අවි ජාවාරම පිළිබඳව ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කරමින් සිටින බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත ඊයේ මෙම වැටලීම සිදුකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories