දැඩි උෂ්ණත්වයක රඳවා තිබු ඔටුවා ස්වාමියාට ඉගැන්වු පාඩම

Tuesday, 24 May 2016 - 16:50

%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94+%E0%B6%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%89%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8
දිනක් පුරා දැඩි උෂ්ණත්වයක පාද ගැට ගසා රඳවා සිටි ඔටුවකු සිය ස්වාමියා ඝාතනය කිරීමේ සිද්ධියක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයෙන් වාර්තාවී තිබෙනවා.

ඔටුවාගේ හිමිකරුවා විසින්ම එම සත්වයාගේ පාද ගැටගසා දැඩි උෂ්ණත්වයක් පවතින එළිමහනේ රඳවා තිබු බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ දිනවල ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය දැඩි ලෙස ඉහළගොස් තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 51 ද ඉක්මවා ඇති බවයි වාර්තාවන්නේ. ඔටුවාගේ පාද ගැටගසා එළිමහනේ රඳවා තබා ඇති බවට හිමිකරුට සිහිවී ඇත්තේ සිය නිවසට පැමිණි පුද්ගලයකු කල දැනුම්දීමකට අනුවයි.

පසුව ඔටුවාගේ පාද ලිහා දැමීමට උත්සාහ කිරීමේදී එම සත්වයා හිමිකරුට පාදයෙන් පහරදී ඇතැයි සඳහන්.

එමගින් හිසට සිදුවු බරපතල තුවාල හේතුවෙන් ඔහු මරණයට පත්ව තිබෙනවා.

අනතුරුව ඔටුවා මෙල්ල කර ගැනීමට ගම්වාසීන් 25 කට වැඩි පිරිසකට පැය 6 කට අධික කාලයක් ගතවු බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories