සැමියාට මොට ආයුධයකින් පහරදී ඝාතනය කර සිය දරුවන් දෙදෙනා නිවසේ තනිකර පලාගිය කාන්තාවක් සොයා පොලිසීය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.
පසුගිය 19වනදා දෙදෙනා අතර ඇතිවු ආරවුලකින් පසුව සැකකාරිය සැමියාට මොට ආයුධයකින් පහරදී ඇතැයි සදහන්.
අනතුරුව ඇය නිවසෙන් පලා ගොස් තිබෙනවා.
සිය පියා මිය ගොස් ඇති බව නොදැන දරුවන් දෙදෙනා දින5ක් තිස්සේ උත්සාහ කර ඇත්තේ පියාව නැගිට්ටීමටයි.
ගෙදර ඉදුණු කෙසෙල් කැනක ගොඩි ආහාරයට ගනිමින් දරුවන් දෙදෙනා කුස ගින්න නිවාගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කෑගල්ල බෙලිගල හත්නාගොඩ හරංකහව පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.
පස් හැවිරිදි සහ තුන් හැවිරිදි දරුවන් දෙදෙනා පොලිසීයට ප්රකාශ කර ඇත්තේ මව පියා රණ්ඩු වූ බවත් ල මව විසින් තාත්තාට පොල්ලකින් පහරදුන් බවයි.
අනතුරුව බිම වැටුණු පියා කතා නොකරන බවද දරුවන් ප්රකාශ කර තිබෙනවා.
අදාළ දරුවන් දෙදෙනා ඥාතීයෙකුට භාරදී ඇතැයි සදහන්.
කෑගල්ල පොලිසීය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ මෙහෙවනවා.

Follow US
Most Viewed Stories