ජීවිත දෙකක් වෙනුවෙන් ගිං ගඟ සමග පොරබැදූ බද්දේගම වීර පුතුන් තිදෙනා

Wednesday, 25 May 2016 - 12:41

%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B6%9C%E0%B6%9F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F
සිය පෙම්වතියට සහ ඇයගේ මවට තවත් පිරිසක් සමග එක්ව පහරදී ගිං ගඟට තල්ලු  කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වුනේ බද්දේගම ප්‍රදේශයෙන්.

එලෙස ගඟට තල්ලු කර තිබු තරුණියගේ වයස අවුරුදු 16ක්.  

බද්දේගම පාලම මතින් ගිං ගඟට පැන මවගේ සහ දියණියගේ ජීවිතය බේරා ගැනීමට තරුණයින් තුන් දෙනෙකු ඉදිරිපත් වී තිබුණේ ඔවුන්ගේද ජීවිත පිළිබද නොසිතායි.

පියුමි මධුෂානි තරුණිය බේරා ගැනීමට එම තරුණයින්ට හැකි වුවත්  ඇයගේ මව ඒ වන විටත් ජීවිතෙන් සමු ගෙන තිබුණා.

ඔවුන් දෙදෙනාගේ ජීවිතය බේරා ගැනීමට තමන්ගේ ඉදිරිපත්වු තරුණයින්ගේ වීර ක්‍රියාව ඇගයීමට පසුගියදා  උපහාර උත්සවයක්ද සංවිදානය කර තිබු බවයි අප වාර්තාකරු සදහන් කලේ.  

බද්දේගම ලියනාදූවේ පදිංචි ධනුෂ්ක ලක්මාල්ල ගනේගම බටහිර පදිංචි තරංග ඉන්ද්‍රජිත්ල ගනේගම උතුර පදිංචි නුවන් චාමර යන  තරුණයින් තිදෙනායි ඒහිදී  ඇගයීමට ලක්වුයේ. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories