සිය දියණිය දුෂණය කිරීමට උත්සාහ කල ස්වාමියා බිරිඳ විසින් විසින් ඝාතනය කර තිබෙනවා.
ඒ ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේදීයි.
40 හැවිරිදි සිය ස්වාමියා දියණිය දුෂණය කිරීමට උත්සාහ කරනු දුටු කාන්තාව ඔහුට පොරොවකින් පහරදී මෙලෙස ඝාතනය කර ඇති බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.
ඝාතනයෙන් අනතුරුව ඇය සිය දරුවන් ද රැගෙන පොලිසියට පැමිණ භාරවී තිබෙනවා.
පොලිස් භාරයට පත්වු 35 හැවිරිදි කාන්තාව ප්‍රකාශකර ඇත්තේ පියාගෙන් දියණිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් අතර දියණිය රැක ගැනීම තම වගකීමක් ද වන බවයි.
එමෙන්ම තමා කටයුතු කල ආකාරය නිවැරදි බව ද ඇය සඳහන් කර තිබෙනවා.
මාධ්‍යවේදීන් හමුවේ මෙම කාන්තාව ප්‍රකාශකර ඇත්තේ දියණිය දුෂණය කිරීමට උත්සාහ කල සැමියා ඝාතනය කිරීම පිළිබඳ කිසිසේත් පසුතැවිලි නොවන බවයි.
තමාට ලැබෙන ඕනෑම දඩුවමක් පිළිගැනීමට සුදානම් බවයි මෙම කාන්තාව ප්‍රකාශකර ඇත්තේ.
පියාගෙන් සිදුවන හිංසන පිළිබඳ දියණිය තමා දැනුවත් කර තිබු බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමේදී මෙම සිදුවීම අනාවරණ කර ගැනීමට හැකිවු බව ද ඇය පෙන්වාදී තිබෙනවා.
කෙසේවෙතත් බිහාර් ප්‍රාන්ත පොලිසිය සඳහන් කර ඇත්තේ ඇය ඝාතනයක් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බවයි.

Follow US
Most Viewed Stories