ගුරුවරියක ඉල්ලා දරුවන් මහ පාරේ

Wednesday, 25 May 2016 - 18:56

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A++%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84++%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A
කුලියාපිටිය - ගොමුගොමුව විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියට ගුරුවරයෙකු නොමැති බව පවසමින් එම විදුහලේ තුන්වන ශ්‍රේණියේ දරුවන් සහ දෙමව්පියන් පිරිසක් අද කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

ඔවුන් කියා සිටියේ මාස ගණනක සිට පාසලේ තුන්වන ශ්‍රේණියට මෙන්ම දෙවන ශ්‍රේණියටද ගුරුවරයෙකු නොමැති බවයි.

එසේම ස්ථිර විදුහල්පතිවරයෙකුද විදුහලට නොමැති බව ඔවුන් ප්‍රකාශ කළා.

පසුව මෙම දෙමව්පියන් කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාල භූමියටද ඇතුල්වී විරෝධතාවයේ නිරතවී තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අංශ භාර අධ්‍යක්‍ෂ සී.පී.පී. හේමකුමාර  සහ දෙමව්පියන් අතර උනුසුම් සංවාදයක් ඇතිවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories