ආපදා මරණ 102 ට නගී

Thursday, 26 May 2016 - 7:35

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+102+%E0%B6%A7+%E0%B6%B1%E0%B6%9C%E0%B7%93
දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ 61 859 දෙනෙකු තවමත් අවතැන් කඳවුරු 250 ක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

පුද්ගල මරණ 102 ක් වාර්තාවී ඇති අතර මෙතෙක් අතුරුදන්වී ඇති සංඛ්‍යාව 100 ක්.

එසේම පූර්ණ සහ අර්ධ හානි සිදුවූ නිවාස මෙන්ම දේපළවලටද වන්දි ලබාදෙන අතර, ඊට අදාළ තොරතුරු තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට කඩිනමින් ලබාදෙන ලෙස රජය ඊයේ ඉල්ලීමක් කළා.

මේ අතර ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සේවයට වාර්තා කිරීමට නොහැකිවූ රජයේ සේවකයන්ට අදාළ දින සඳහා නිවාඩු ලබාදීමටද රජය තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් දිස්ත්‍රික්ක පහක් සඳහා නිකුත් කර තිබූ නායයාම් අවදානම් අනතුරු ඇඟවීම අද පස්වරු දෙක දක්වාද ඊයේ යළි දීර්ඝ කෙරුණා.

ඒ අනුව මහනුවර, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට එය බලපැවැත්වෙනු ඇති.

නිරිත දිග මෝසම සක්‍රියවීමත් සමඟ විශේෂයෙන් රත්නපුර, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල තවදුරටත් නායයෑම් ඇතිවිය හැකි බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර කියා සිටියේ.

බස්නාහිර, වයඹ, දකුණ මධ්‍යම සහ සබරගමුව පළාත්වල අද  දිනයේද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories