බිලියන 45 ක බැදුම්කර අද නිකුත් කෙරේ

Thursday, 26 May 2016 - 10:01

%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+45+%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
රුපියල් බිලියන 45 ක් වටිනා බැදුම්කර අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය ණය කාර්යාංශය සදහන් කළේ වසර 2ක සිට වසර 10 දක්වා කල් පිරෙන පරිදි මෙම බැදුම්කර නිකුත් කෙරෙන බවයි.

ඒ අතරින් රුපියල් බිලියන 10 ක බැදුම්කර නිකුත් කරනු ලබන්නේ වසර 2 ක හා මාස 4 ක කාලයකින් කල් පිරෙන ලෙසයි.

තවත් බිලියන 15 ක බැදුම්කර වසර 5 යි මාස 4 කින් කල් පිරෙන පරිදි නිකුත් කෙරෙනවා.

බිලියන 12 ක බැදුම්කර වසර 7 යි මාස 7 කින් කල් පිරෙන පරිදි හා බිලියන 8 ක බැදුම්කර වසර 10 කින් කල් පිරෙන පරිදි නිකුත් කරනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories