ඉන්දීය අත්අඩංගුවේ පසුවුණු ඉතාලි සෙබලෙකු යළි මව්රටට

Thursday, 26 May 2016 - 16:07

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7
පුද්ගල ඝාතන චෝදනාවකට අත්අඩංගුවේ පසුවුණු ඉතාලි නාවික හමුදා සෙබලෙකුට යළිත් මව්රටට යාම සදහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නා.

2012 වසරේදී අරාබි මුහුදේදී කේරළ ධීවරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ ඉතාලි ජාතික නාවික සෙබලා ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා.

ඔහු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි සිය මව්රටට යාමට මෙලෙස අවසර ලබාදී ඇත්තේ.

කෙසේ වුවත්, සැල්වතෝ ගිරේන් නමැති මෙම නාවික සෙබලා සිය මව්රටට යාමෙන් අනතුරුව සෑම මාසයකටම වරක් තමා පදිංචි ප්‍රදේශයේ පොලිසියට වාර්තා කළ යුතු අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් නඩුව විභාගය අවසන් වනතෙක් ඉන්දීය අධිකරණය මගින් ලබාදෙන  ඕනෑම නියෝගයක් පිළිගත යුතු වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories