අනුර සේනානායක යලි රිමාන්ඩ් - නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ඕ.අයි.සී පාපොච්චාරණයකට සැරසේ

Thursday, 26 May 2016 - 18:32

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A++%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94++%E0%B6%95.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම, අත්අඩංගුවට ගැණුනු නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධීපති සුමිත් පෙරේරා ද එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කළේ.

අද නඩුව කැදවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා.

මහේස්ත්‍රාත් අධිකරණයෙන් සැකකරුවන්ට ඇප ලබාදිය හැකි බැවින් ඒ පිළිබදව සලකා බලන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී රජය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ සැකකරුවන්ට මේ මොහොතේ ඇප ලබාදුනහොත් එය සාක්ෂිවලට බාධාවක් විය හැකි බවයි.

නමුත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් එම අවස්ථාවේදී අධිකරණයට පෙන්වා දී ඇත්තේ සැකකරුට මිනිමැරුම් චෝදනා එල්ල කිරීමට තරම් නීතිමය පදනමක් නොමැති නිසා ඇප ලබාදීමේ හැකියාව පවතින බවයි.

මේ අතර, අද නඩුව කැදවූ අවස්ථාවේදී අත්අඩංගුවේ සිටින නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ තමන්ට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පාපොච්චාරණයක් සිදුකිරීමට අවශ්‍ය බවයි.

එම ප්‍රකාශය ලබන 9 වැනිදා නඩුව යළි කැදවන අවස්ථාවේදී සදහන් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

කෙසේ වෙතත්, කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් එහිදී සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

තමාට කිසිවෙකු හෝ සතුටු කිරීමට තීන්දු ලබාදිය නොහැකි බවත්, තම තීන්දු සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවෙන්නේ නම් ඉහළ අධිකරණයකින් වුව ද සහන ලබා ගත හැකි බව එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories