ජනපති ජී - 7 සමුළුවට එක්වෙයි

Thursday, 26 May 2016 - 18:44

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93+-+7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලෝක නායකයින් එකතුවන ජී - 07 සමගාමී සමුලූවට සහභාගී වීම සදහා ජපානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (26) ද්වී පාර්ශ්වීක සාකච්ඡා රැසකට එක්වුණා.

ඉන් පළමු සාකච්ඡාව සිදුවුයේ වියට්නාම අග්‍රාමාත්‍ය නග් යුන් ක්ය්‍යුයාන් සමගයි.

එම ද්වීපාර්ශවීක  සාකච්ඡාවේ දී වියට්නාමයේ සංචාරයක් සදහා එරට අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට ආරාධනාවක් කර තිබෙනවා.

එය පිළිගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වියට්නාම අග්‍රාමාත්‍යවරයට ද ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා  ආරධනා කිරීම විශේෂත්වයක්.

රාජ්‍යයන් දෙක අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවයන් පිළිබදව ද  මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ඉන් අනතුරුව ජපාන විදේශ සහ ආර්ථික සහයෝගීතා සංවිධානය සමග ද්වීපාර්ශ්වික ආර්ථික එකගතාවයන් පිළිබදවත් ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ අතරම කොළඹ ඩොක් යාඩ් මව් සමාගමේ ප්‍රධාන ශාඛාව සමග ද ජනාධිපතිවරයා ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ .

අද පස්වරුවේ ශ්‍රී ලංකා ජනාධිපතවරයා සහ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ අතර ද ද්වීපාර්ශ්වක සාකච්ඡා සිදුවීම වීශේෂත්වයක්.

ජී 07 සමුළුව සදහා ආරාධනා ලද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජපානයේ නගෝයා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අද පෙරවරුවේ ළගා වුණා.

ජනපති ප්‍රමුඛ ධුත පිරිස එරට විදේශ අමාත්‍ය යොචි මුටෝ සහ දිස්ත්‍රික් ආණ්ඩුකාර හිදෝකි  ඕමුරා  විසින් පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට නවාතැන් පහසුකම් සපයා ඇති හෝටලයේදී සම්ප්‍රදායික පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.

හෙට දිනයේදී සමුළුවට ආරාධනා ලැබ තිබෙන ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, පැපුවානිව්ගිනියාව, වියට්නාමය, ලා ඕසය සහ චැඩ් රාජ්‍යයන් සත්කාරක රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ විසින් පිළිගැනීමට නියමිතයි.

අනතුරුව, මෙම රටවල් සමග සාකච්ඡා ඇරඹෙන්නේ ලෝක  බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ආර්ථිකය නැංවීම සදහා කටයුතු කරන ආයතනවල සහභාගිත්වයෙන්.

මෙවර සමුළුව සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වීම ඉතිහාසගත වන්නේ ජී - 7 සමුළුවකට සහභාගි වූ ප්‍රථම ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයා ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories