ජනපති - ඉන්දුනීසියානු ජනපති හමුවෙයි

Friday, 27 May 2016 - 7:09

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජී - 7 සමුළුවට සහභාගි වීම සදහා ජපානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (26) පස්වරුවේ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ හමුවුණා.

ඒ ජපානයේ නගෝයා නගරයේදීයි.

මෙහිදී දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබදව ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ අනුව, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් වාර ප්‍රමාණය වැඩි කර ගැනීම පිළිබදව වැඩි වශයෙන් අවධානය යොමුකර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ආර්ථික සහ වෙළද කටයුතු පිළිබදව දෙරටේම නායකයින් අවධානය යොමුකර ඇති අතර, එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් වන රබර් සදහා විදේශ වෙළදපොල තුළ හොද මිලක් ලබා ගැනීමට අවශ්‍ය වන බවයි.

ඒ සදහා පොදු එකගතාවයකින් කටයුතු කිරීමට දෙරටේ නායකයින් එකග වී තිබෙනවා.

මීට අමතරව, ඉදිරියේදී ඉන්දියානු සාගර නිම්වලලූ සංගමයේ සභාපතිත්වය ඉන්දුනීසියාවට හිමිවීමට නියමිත බැවින් ඒ සදහා සහය දක්වන ලෙස ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ ඒ සදහා අවශ්‍ය  ඕනෑම සහයක් ලබාදිය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories