යුරෝපයට අකුණු සැර

Sunday, 29 May 2016 - 7:45

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB
ගිම්හානයේ  උණුුසුම් කාලගුණයත් සමඟ වායුගෝලයේ ඇතිවූ හදිසි වෙනස්කම් හේතුවෙන් යුරෝපයේ නගර කිහිපයක ඊයේ දිනයේ අකුණු පහර රැසක් පිළිබඳ වාර්තාවුණා.

එම සිද්ධීන්වලදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, පුද්ගලයන් රැසක් තුවාල ලැබුවා.

මියගොස් ඇත්තේ පෝලන්තයේ කන්දක් බසිමින් සිටි පුද්ගලයෙක්.

පැරිසියේ උද්‍යානයක උපන් දින සාදයක් පවත්වමින් සිටි පුද්ගලයන් 11 දෙනෙකුට අකුණු සැර වැදී ඇති අතර ඉන් අටදෙනෙකු ළමයින් බව සඳහන්.

ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් වාර්තා සඳහන්  කළා.

ජර්මනියේ පාපන්දු තරඟයක් අතරතුර එල්ලවූ අකුණු සැරවලින් එහි විනිසුරුවරයා බරපතල ලෙස තුවාල ලැබූ අතර, තවත් කිහිපදෙනෙකු ප්‍රතිකාර සඳහා රැගෙන ගියේ හෙලිකොප්ටර් ආධාරයෙන්.  

පැහැදිළි නිල් අහසක් පවතින අවස්ථාවක මෙම අකුණු සැර එල්ලවීමද විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories