විග්නේෂ්වරන් හමුවීමට ජයලලිතා සැරසේ

Sunday, 29 May 2016 - 10:18

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
දෙපාර්ශවයටම පහසු සුදුසු කාලයකදී උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් හමුවීමට අදහස් කරන බව තමිල්නාඩුවේ මහ ඇමති ධුරයට යළි තේරී පත්වූ ජයලලිතා ජයරාම් පවසනවා.

ඇය ඊයේ මේ බව කියා සිටියේ සිය ජයග්‍රහණය වෙනුවෙන් උතුර පළාත් මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් එවා තිබූ ලිපියට ප්‍රතිචාර දක්වමින්.

ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජයට තවදුරටත් බල කරන බව ඇය එහිදී සඳහන් කර තිබෙනවා.

උතුර ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් එවූ ලිපිය සහ ඊට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාගේ ප්‍රතිචාර ලිපිය තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් ඊයේ ප්‍රසිද්ධියට පත් කළා.

උතුර ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ජයලලිතාගේ ජයග්‍රහණයට සුබපතමින් ප්‍රකාශ කර ඇත්තේ තමා ඇය හමුවීමටද බලාපොරොත්තුවෙන් සිටින බවයි.

තමිල්නාඩුවේ සහ  මෙරට උතුරුකරයේ ජනතාව අතර ශක්තිමත් සබඳතාවක් පවතින බව මහ ඇමතිවරයා සඳහන් කළා.

කිසිදු සන්ධාන ගතවීමකින් තොරව තමිල්නාඩු ප්‍රාන්තය ජයග්‍රහණය කිරීම ආඩම්බර විය හැකි කරුණක් ලෙසයි උතුර මහ ඇමති විග්නේෂ්වරන් සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම ජයලලිතා ජයරාම් යළි තමිල්නාඩු මහ ඇමති ධුරයට පත්වීම  පිළිබඳව තමන් සන්තෘෂ්ටියට පත්වන බවත් මහ ඇමති විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබෙනවා.

ඊට පිළිතුරු වශයෙන් ජයලලිතා ජයරාම් ප්‍රකාශ කළේ තමා පසුගිය පස් වසර තුළදීද තමිල්නාඩු මහ ඇමතිනිය ලෙස ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටි බවයි.

එම මෙහෙවර අඛණ්ඩව සිදුකිරීමට අපේක්ෂා කරන බවත්, ජයලලිතා ජයරාම් වැඩිදුරටත් කියා සිටියා.

තමිල්නාඩු මහඇමතිනිය ලෙස ජයලලිතා ජයරාම් නැවත පත්වීම පිළිබදව උතුර පළාතේ සැමරුම් උත්සව පැවැත්විය යුතු බවට ද උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පළාත් සභාවට පසුගියදා යෝජනාවක්ද ඉදිරිපත් කළා.

නිදහස් සන්ධාන මන්ත්‍රී ඒ.ජයතිලක විරෝධය පළ කරමින් විමසා සිටියේ රට ආපදා තත්ත්වයෙන් විපතට පත්ව සිටින සිදුකළ යුත්තේ ඒ පිළිබදව ශෝකය පළ කිරීම නොවේද යන්නයි.

ජයතිලක මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය තමන්ද අනුමත කරන බවයි එහිදී අදහස් දක්වමින් දෙමළ සන්ධාන මන්ත්‍රී ඇන්ටනී ජෙගනාදන් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories