අගමැති රොටරි සමුළුව අමතයි

Sunday, 29 May 2016 - 12:47

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9C%E0%B6%A7%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සහ ඵලදායීතාව ඉහළ නැංවීමට සේවා සංවිධානවලට හැකියාවක් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

දකුණු කොරියාවේ - සෝල් නුවර පැවැත්වෙන 107 වන රොටරි ජාත්‍යන්තර සමුළුව අද අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාව එම තත්ත්වය මේ වනවිටත් අත්දකිමින් සිටින බවයි.  

ඉන්දියානු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අධීක්ෂණය කරනු ලබන්නේ මහජන භාරයක් මගින්.

එය උදාහරණයක් ලෙස  දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සේවා සංවිධානවල මැදිහත්වීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය වඩාත් ඵලදායී වන බවයි.

ලොව රටවල් රැසක් මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයෙන් මිදීමේ උත්සාහයක නිරතවනවා.

මේ හේතුවෙන් සමාජ සුබසාධන ක්‍ෂේත්‍රයේ රජයේ වැය කිරීම් අඩුවී ඇති ආකාරයක් දැකිය හැකියි. මෙම තත්ත්වය තුළ එම හිඩැස පිරවීමට සේවා සංවිධානවලට හැකියාවක් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රොටරි සමුළුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම සේවා සංවිධානවලට රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය උදෙසා විශේෂඥ දැනුම සැපයිය හැකි බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

සමුළුව ආරම්භ කරමින් ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන්ද අදහස් පළ කළ අතර, ඔහු කියා සිටියේ ජගත් සංවිධානය මෙන්ම රොටරි සංවිධානයද ජීවිත මුදාගැනීමේ පොදු අරමුණකින් කටයුතු කරන බවයි.

ලෝකයෙන් පෝලියෝ රෝගය තුරන් කිරීම සඳහා රොටරි ආයතනයෙන් ලැබෙන දායකත්වය මෙහිදී ජගත් සංවිධාන මහ ලේකම්වරයාගේ ප්‍රසාදයට ලක්වුණා.

කෙසේ නමුත් ඒ සඳහා දරණ ප්‍රයත්නය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බවයි ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් අවධාරණය කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories