ගල් කොරියක අනතුරකින් පුද්ගලයෙකු මරුට

Sunday, 29 May 2016 - 14:18

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගාල්ල - හබරාදුව - තිත්තගල්ල ප්‍රදේශයේ ගල් කොරියක අද පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මොවුන් ට්‍රක් රථයකට ගල් පටවමින් සිටියදී අඩි 100 ක් පමණ උසින් යුත් ගල් කන්දේ කොටසක් එක්වරම ට්‍රක් රථය මතට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

අනතුරෙන් මියගියේ තිත්තගල්ල - දොලකුඹුරවත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි තිදරු පියෙක්.

තුවාල ලැබූ අනෙක් දෙදෙනා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනතුර සිදුවන අවස්ථාවේ අසල සිටි තවත් දෙදෙනෙකුගේ දිවි බේරී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories