උණට බෙහෙත් ගැනීමට ගිය මැණික්හින්නේ දරුවෙකුට ස්ප්‍රීතු

Monday, 30 May 2016 - 15:58

%E0%B6%8B%E0%B6%AB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%94
උණ රෝගය වැලදී පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවුරුදු තුනහමාරක් වයසැති දරුවෙකුට තුවාල පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා සර්ජිකල් ස්පී‍්‍රතු ලබාදුන් පුවතක් මැණික්හින්න හුරේකඩුව ප්‍රදේශයෙන් අද (30) වාර්තා වුණා.

අධික උණ රෝගයෙන් පෙළුණු මෙම දරුවා රැගත් මව බෙහෙත් ලබාගැනීම සඳහා මැණික්හින්න ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බෙහෙත් ශාලාවකට ගොස් ඇත්තේ ඊයේ පස්වරුවේයි.

එහිදී එම පෞද්ගලික බෙහෙත් ශාලාවේ සිටි මැණික්හින්න දිසා රෝහලේ සේවය කරන වෛද්‍යවරියක මෙම බෙහෙත තම දරුවාට ලබාදුන් බවයි සිද්ධියට මුහුණපෑ දරුවාගේ මව වන වසන්තා කුමාරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් ඇය මැණික්හින්න පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

මේ අතර, ගල්කිරියාගම - ගිරානේගම ප්‍රදේශයේ නිවසක තිබ් පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ නිවසේ ජනේලයක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ 13 හැවිරිදි සිසුවෙක්.

ඊයේ රාත්‍රීයේ එම නිවස තුළ කිසිවෙක් නොසිටි බව ද සදහන්. කෙසේවෙතත් මෙය පුද්ගල ඝාතනයක් ද නැතහොත් සිය දිවි නසා ගැනීමක් ද යන්න සෙවීම සදහා ගල්කිරියාගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories