විජිත හේරත් පොලිස් ඇප මත මුදා හැරේ

Tuesday, 31 May 2016 - 12:00

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A
රිය අනතුරක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ රාජගිරිය මංසන්ධියේදී මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථයක මාර්ගයේ පිහිටි දුරකථන කණුවක ගැටී ඇති බවයි.

මන්ත්‍රීවරයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව මන්ත්‍රීවරයා පොලිස් ඇප මත මුදා හැර ඇති බවයි වැලිකඩ පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මන්ත්‍රිවරයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



එම අවස්තාවේ ඡායාරූප පහතින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories