FCIDය දඩයම් මධ්‍යස්ථානයක් වෙලාලු

Wednesday, 01 June 2016 - 12:46

FCID%E0%B6%BA+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%94
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලන දඩයම් මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය පක්ෂ මූලස්ථානයේ අද (01)  පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ යම් යම් විමර්ශන සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ලබාදී ඇති නිර්දේශ පවා ක්‍රියාත්මක කිරීමට දේශපාලනඥයින් බාධා කරමින් සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සිදුකළ බවට පැවසෙන රිය අනතුර සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සදහන් කළේ දේශපාලනඥයින් අනතුරකදී කටයුතු කළ ආකාරය මෙම සිද්ධියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පෙන්වා දුන් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories